/ May 22, 2025

මහින්දානන්ද ගෙදර කෑම ඉල්ලයි: කෙහෙළියත් එක්ක එක වාට්ටුවේ!

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් චීනයෙන් ආනයනය කර රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු කළ බව කියන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ තමන්ට නිවසින් ආහාර පාන ලබා ගැනීම සඳහා බන්ධනාගාර පරිපාලනයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර ක්‍රමවේදය අනුව ඔහුට කොට්ටයක්, පැදුරක්, පිඟානක් සහ කෝප්පයක් ලබා දී ඇති අතර ආහාර ඉල්ලීම සලකා බැලෙනු ඇති.

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඖෂධ ගෙන්වීමේ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති කෙහෙළිය රඹුක්වැල්ල රඳවා සිටින එම් 2 වාට්ටුවේ ම මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමැතිවරයාද රඳවා ඇතැයි සඳහන්. එම වාට්ටුව තවත් රැඳවියන් 10ක් පමණ සිටින එකකැයි කියැවේ.

හිටපු අමාත්‍යවරයා ලබන මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top