/ Jul 27, 2025

මහින්දානන්ද – නලින් සිරගත ජීවිතය ගැන තොරතුරු

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳින හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයගේ පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට ඔවුන්ගේ සුවදුක් විමසීමට අවසර ලැබෙන්නේ මාසයකට වතාවක් පමණක් බව වාර්තා වේ.

අච්චු ලැබූ සියලු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය ඔවුන්ටද පොදු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 

හිටපු අමාත්‍යවරුන් දෙදෙනාම එක් පොදු ස්ථානයක රඳවා ඇති බවයි වාර්තා වන්නේ. මෙම දෙදෙනාට අදාළ දඬුවම අනුව සිදු කළ යුතු බරපතළ වැඩ පැවරීම අද (02) සිදු වෙන බවද දැනගන්නට ඇත.

ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයක් විසින් ලබා දී ඇති මෙම තීන්දුව අභියෝගයට ලක් කිරීම ඉතා අපහසු එකක් බවයි නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ද පවසා තිබුණේ.

සාමාන්‍ය පොදු ජනයාට වඩා ඉතාමත් සුඛෝපභෝගී දිවියක් ගත කළ මෙම අය අද විඳින මේ අති දුෂ්කර දඬුවම මහජන මුදල් අයථා ලෙස වංචා කරන පරිහරණය කරන සැම දෙනාටම අනගි පාඩමක් බව සමාජයේ බොහෝ දෙනා පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top