/ May 30, 2025

මහින්දානන්ද හිරේ යෑම රතිඤ්ඤා දමා සමරති

Mahindananda's imprisonment celebrated with firecrackers

නාවලපිටිය නගරයේ ස්ථාන කිහිපයක රතිඤ්ඤා දල්වා හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට සිරදඬුවම් නියම වීම සමරා ඇතැයි වාර්තා වේ. නාවලපිටිය හිටපු අමාත්‍යවරයා දේශපාලන කටයුතු කළ ආසනයයි.

2015 ජනපතිවරණ සමයේ දේශපාලන වාසි ලබා ගැනීම පිණිස සතොස ආයතනය හරහා කැරම් සහ දාම් බෝඩ් 25000ක් පමණ මිලට ගෙන ක්‍රීඩා සමාජ වෙත බෙදා දී මහජන මුදල් අවභාවිතා කිරීමට වැරදිකරු වූ හිටපු ඇමැතිවරයාට වසර 20ක් බරපතළ වැඩ ඇතිව සිර දණ්ඩන නියම කෙරිණ.

චීනයෙන් බාල කාබනික පොහොර නැවක් ගෙන්වීම සම්බන්ධයෙන් නඩුවක්ද ඔහුට එරෙහිව විභාග වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top