/ Nov 13, 2025

රට ගමන් තහනම්.මහින්දගේ ආරක්ෂක නෙවිල් ඇප මත නිදහස්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැක පිට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් සැකකරු ඇප මත නිදහස් කිරීමට නියෝගය කර ඇති අතර ඒ අනුව, රුපියල් 50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

මේ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය කටයුතු කර තිබේ.

යළි එම නඩුව ජනවාරි 16 වැනිදා කැඳවීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top