/ Jun 09, 2025

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ගැන මෛත්‍රී සාක්ෂි දෙයි

2008 වසරේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබීය.

2008 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා බොරලැස්ගමුව ප්‍රදේශයේ දී එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැනුණි.

එම අවස්ථාවේ දී මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයේ පෙනී සිටියේ ය.

ඒ අනුව නඩුවේ පළමු වන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකිරීමෙන් අනතුරුව ඔහු මුදාහැරීමට නියම කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top