ලග්ගල පොලිස් වසමේ තෝරපිටිය ප්‍රදේශයේ පිහිටි විහාර ස්ථානයකට ඇතුළු වී එහි විහාර ගෙය බිඳ කරඬුවේ තිබූ මැණික් ගල් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 21 වැනිදා මෙම සොරකම සිදුව ඇති අතර, මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සොරකමට සම්බන්ධ සැකකරු ඊයේ (26) බකමුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 38 ක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සිදු කළ අනාවරණය කිරීම්වල දී සොරාගන්නා ලද නිල් පැහැති මැණික් ගල් 04ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ගංජා කිලෝග්‍රෑම් 4.65 ක් ප්‍රමාණයක් ද සොයා ගැනීමට හැකිව තිබේ.