මිද්දෙණිය ප්‍රදේශයේ වළ දමා තිබියදී පසුගිය දා සොයාගත් රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තමන් ඇතුළු කණ්ඩායම විසින් පසුගිය කාලයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බව කෙහෙල්බද්දර පද්මේ විසින් පොලිසිය හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.
මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13ක් නිෂ්පාදනය කළ බවත් මේ නිෂ්පාදන කටයුතු සඳහා ඉරාන ජාතික මත් විශේෂඥ සහය ලබාගත් බවත් ඔහු කියා ඇත.
එම රසායන ද්‍රව්‍ය යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඍජුවම අයිස් මත්ද්‍රව්‍ය ගෙන්වීමට වඩා විශාල ලෙස ලාභදායක වීමෙන් තමා ඇතුළු කල්ලිය මෙය සිදු කළ බවද සඳහන් කර ඇත.