/ Jun 30, 2025

ඒක අසත්‍ය පුවතක්; මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ, මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂපාඨයෙන් සාවද්‍ය පුවතක් පළ කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පුවතේ සඳහන් පරිදි කිසිදු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති අතර, එවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මල්වතු මහා විහාරයේ, උපලේඛකාධිකාරී, මහවෙල රතනපාල හිමියන් මහානායක මාහිමිපාණන්ගේ නියමය පරිදි අදාළ නිවේදනය නිකුත් තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනපති අනුරගෙන් ඉල්ලා සිටින්නැයි මහා සංඝ රත්නයෙන් ආයාචනා කිරීම සම්බන්ධයෙන් පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සිය x ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙය ආගමික නායකයින් ද, දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරණ උත්සහයක් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top