/ Oct 18, 2025

අත්අඩංගුවට නොගන්න කියා මනූෂ උසාවි යයි!

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් අපේක්ෂිත ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මෙම අයදුම්පත ගොනු කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා විත්තිකරුවන් ලෙස නම් කරමිනි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම අපේක්ෂිත ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොතීසි නිකුත් කිරීමට ඊයේ (26) නියෝග කළේය.

ඒ අනුව, හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳව කරුණු දැක්වීම සඳහා එළඹෙන ඔක්තෝබර් මස 02 වන දින අධිකරණයේ පෙනී සිටීමට අදාළ නිලධාරියාට නියම කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top