තමන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (19) එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණානායක කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා වග උත්තරකරුවන් වෙනුවෙන් තමන් ගොනුකර ඇති බව ප්‍රකාශ කළාය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ දිවුරුම් ප්‍රකාශයක් ද වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන් කළේය.
ඒ අනුව පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දී තිබේ.
මෙම පෙත්සමට හේතු වී තිබුණේ කොරියානු වීසා ලබා දීමේ සිද්ධියයි.




