වසරේ ගතවූ ජනවාරි මස 01 දා සිට මැයි 31 දා දක්වා මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
සමස්ත සංඛ්‍යාව පැමිණිලි 2138කි.
මෙම ප්‍රමාණයෙන් පැමිණිලි 524ක් විමර්ශනයෙන් ඉවත් කර ඇත්තේ, ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ පණතට අදාළ නොවීම යන කරුණු මතයි.
පැමණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇත. තවත් පැමිණිලි 282ක් විමර්ශන සඳහා වෙනත් ආයතන වෙත යොමුකර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ.
එසේ ම ගත වූ මාස 5ක කාලය තුළ, මහාධිකරණයේ නඩු පැවරීම් 42ක් සිදුකර ඇති අතර හිටපු අමාත්‍යවරයෙකු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු, ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු, පොලිස් නිලධරීන් 11 දෙනෙකු ඇතුළු චූදිතයින් 45 දෙනෙකුට අදාළව එම නඩු පැවරීම් සිදුකර ඇත.
එමෙන්ම අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවලට අදාළව අදාළ කාලය තුළ හිටපු අමාත්‍යවරයෙකු, සතොස හිටපු සභාපතිවරයෙකු, පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු, ඇතුළු 19 දෙනෙකු වරදකරුවන් බවට පත්ව තිබේ.