මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු 50ක් පමණ නඩු පැවරීම සඳහා රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
මෙයට අදාළව සැකකරුවන් සියයකට ආසන්න පිරිසක් සිටින බව සැලවේ. හිටපු කැබිනට් ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, දේශපාලක ඥාති හිතවතුන් මෙම පිරිස අතර සිටින බව පැවසේ.
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ඇමැති ඩිලාන් පෙරේරා, හිටපු ඇමැති විමල් වීරවංශ, හිටපු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යන අයට අදාළව මූල්‍ය අක්‍රමිකතා චෝදනා ගොනු මේ යොමු කරන ලද ඒවා අතර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
මෙලෙස යොමු කර තිබෙන සමහර ගොනුවල විමර්ශන අවසන් කර තිබුණද ඊට අදාළ ඉදිරි නීතිමය පියවර නොගෙන තිබු බවද සඳහන්. වසර 6ක් පමණ කාලයක් තිස්සේ අතරමග නැවතී තිබුණු සමහර විමර්ශන මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවද කියැවේ.
කෙසේ වෙතත්, ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ප්‍රකාශ අනුව ඉදිරියේ දී ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදුවනු ඇති බවට මත පළ වේ.