/ Jun 09, 2025

පුද්ගලික ආරවුලක් ඝාතනයකින් කෙළවර වෙයි

මාරවිල, කටුනේරිය ශාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

පොලිසිය පවසන්නේ ඊයෙ (02) සවස් කාලයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ඝාතනයට සම්බන්ධ 24 හැවිරිදි තරුණයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top