/ Feb 05, 2025

කොටස් වෙළඳපොළේ දැවැන්ත කඩාවැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් අද (05) දිනයේ දී වාර්තා වී ති‌බේ.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වී ඇති බව සඳහන්.

ඉකුත් 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසින් සඳහන් කළ හැකි බවයි පැවසෙන්නේ.

ඒ අනුව අද දින සමාගම් 223ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණු අතර ඉහළ යාමක් වාර්තා වී තිබුණේ සමාගම් 16ක පමණි.

පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළේ වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන් බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් පහළ යාම මීට හේතුව විය හැකි බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top