විපක්ෂයේ පක්ෂ කිහිපයක විසින් එළඹෙන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළියට එරෙහිව වත්මන් ආණ්ඩුවට සහය දක්වමින් කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව අපේ පරපුර පක්ෂය පවසයි.
එහි සභාපති සිදම්බරන් කරුණානිධි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පැවසුවේ ආණ්ඩුව ඉතා හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අකර ඇති හෙයින් එය කඩාකප්පල් කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
”ආණ්ඩුව ලස්සන වැඩපිලිවෙළක් කරගෙන යනවා. අද පැහැරගැනීම් නැහැ. ආණ්ඩුව හොද වැඩ කරගෙන යනවා. 21 රැලි කරලා මේක කඩාකප්පල් කරන්න දෙන්න හොද නෑ. 21 රැලියට විරුද්ධව අපිත් ජනතාව කොළඹට ගෙන එනවා. අපි කියන්නේ රගපාන්න නම් එන්න එපා කියලයි. නාමල් රාජපක්ෂගේ බලාපොරොත්තුව ඊලග ජනාධිපති වෙන්න. ඒක උනොත් හිගා කන්න වෙන්නේ. සජිත්ලා රනිල්ලා වතු වැටුප් වැඩි කිරීමට විරුද්ධ වෙන්නේ කුහකකමට. සජිත් හරි නම් විපක්ෂ නායකකමෙන් ඉවත් වෙන්න ඕන. එයා විපක්ෂ නායක ඔහු වැඩිදුරටත් කියාසිටියි.





