/ Jun 10, 2025

වෙසක් සිරි නරඹන්න ගිය තරුණ යුවලක් එකටම අවසන් ගමන් ගිහින්

මාතර, එළියකන්ද ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රී 7ට පමණ සිදුවූ රිය අනතුරකින් තරුණ යුවලක් මියගොස් තිබේ.

බස් රථයක් ඉස්සර කිරීමට යෑමේ දී ඔවුන් ගමන්ගත් යතුරුපැදිය ලිස්සා ගොස් ඇදවැටී, එම බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ 30 හැවිරිදි මාතර තෙලිජ්ජිවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ 22 හැවිරිදි මාතර කාසිවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

වෙසක් සිරි නැරඹීම සඳහා ගමන්කරමින් සිටිය දී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top