/ Sep 17, 2025

ස්පා ගිහින් යකා නැටූ SIලා තුනකට වැඩ වරදී!

මාතර වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් බලහත්කාරයෙන් එහි සේවාවන් නොමිලේ ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ කඹුරුපිටිය, තිහගොඩ සහ මාවරල යන පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුය.

පසුගිය 16 වැනිදා මෙම නිලධාරීන් තිදෙනා විසින් සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් එහි කළමණාකාරවරිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගෙන ඇති කරගෙන පසුව එහි සේවය නොමිලේ ලබා ගැනීමට උත්සහ දරා ඇතැයි වාර්තා වේ.

පසුව ඔවුන් විසින් අදාළ පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව සිදුකරන ලද පැමිණිල්ලක් මත ඒ සම්න්ධයෙන් විමර්ශන අරඹා තිබුණි.

එහි දී අදාළ නිලධාරීන් තිදෙනා එම චෝදනාවට වැරදිකරුවන් බවට අනාවරණය වීමත් සමඟ මාතර කොට්ඨාශයේ වැඩබලන පොලිස් අධිකාරිවරයා විසින් ඔවුන් තිදෙනාගේ වැඩතහනම් කර තිබේ.

ඒ අනුව පොලිසියේ විනය පවත්වා ගැනීමට හානිවන අයුරින් හැසිරීම, පොලිස් නිලධාරියෙකු ලෙස තම නිලය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම යන වැරදි මත අපකීර්තිදායක හැසිරීම හා දුෂිත ක්‍රියා යන චෝදනා හේතුවෙන් අදාළ නිලධාරීන්ගේ වැඩතහනම් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top