/ Jun 15, 2025

ඝාතනයකින් කෙළවර වූ දන්සල ; පියා ඉදිරියේම තරුණ පුතු මරු තුරුළට

මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේ දී පිය – පුතු දෙපළකට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් පුත්‍රයා මියගොස් තිබේ.

ඊයේ (11) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ අරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය – පුතු දෙපළ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුත්‍රයා මියගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් චාමික පෙරේරා නමැති තරුණයෙකි.

පහරකෑමට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පියා වයස අවුරුදු 51ක පුද්ගලයෙකි.

මෙම පිරිස විසින් ඊයේ දහවල් මතුගම නවත්තුඩුව ප්‍රදේශයේ බත් දන්සලක් සංවිධානය කර තිබී ඇති අතර බත් දන්සලෙන් අනතුරුව එය සංවිධානය කළ පිරිස මතුගම කඩවක ප්‍රදේශයේ අවන්හලකට ගොස් මත්පැන් පානය කර තිබේ.

එහි දී මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරයා ඔහුගේ පියාගේ සහෝදරයෙකු සමඟ අරවුලක් ඇති කර ගෙන තිබුණු අතර එහි සිටි අනෙක් පිරිස විසින් ආරවුල සමතයකට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවේ දී ඝාතනයට ලක් වූ තරුණයා සහ ඔහුගේ පියා, වැඩිමහල් සහෝදරයා හමුවීමට ඔහු සිට ස්ථානයට පැමිණ තිබේ.

වැඩිමහල් සහෝදරයා සමග ගැටුමක් ඇතිකරගත් පුද්ගලයා මාර්ගයේ රැකසිටි මෙම දෙපළට කඩුවකින් සහ පිහියකින් පහර දී ඇත්තේ ඉන් අනතුරුවයි.

පොලිසිය පවසන්නේ මෙම පහරදීම සිදුකර ඇත්තේ පියාගේම සහොදරයෙකු බව මේ වන විට සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි.

සිද්ධියෙන් පසු අපරාධයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top