අත්අඩංගුවට ගත් මතුගම ප්රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ එළඹෙන ජනවාරි මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මතුගම මහේස්ත්රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
මතුගම ප්රාදේශීය සභාවේ ලේකම්වරියගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව එහි සභාපති කසුන් මුණසිංහව අද මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
තමන් අද දින උදෑසන රාජකාරියට වාර්තා කළ බවත් එහිදී සභාවේ සභාපතිවරයා තම රාජකාරියට බාධා කරමින් හැසිරුණු බවට කියමින් එම සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දමල්ගොඩ මහත්මිය මතුගම පොලීසියට පැමිණිලි කර තිබුණු අතර මීට පෙරද මතුගම ප්රාදේශීය සභාවේ ලේකම්වරියට බැණ තර්ජනය කර පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව මතුගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත පෙරේදා (31) දිනයේ ඉදිරිපත් වූ සභාපතිවරයා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර ඇත.
සභාපතිවරයා සමඟි ජන බලවේගයේ සාමාජිකයෙකි.





