/ Dec 06, 2025

කොටගල වතු සමාගමෙන් බාල වැඩක් : කම්කරුවෝ වර්ජනයේ!

කොටගල වතු සමාගමට අයත් මේෆීල්ඩ් වතු යායේ කම්කරුවන් වැඩ වර්ජනයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ පසුගිය නොවැම්බර් 16 වනදා තේ දළු නෙළමින් සිටි කාන්තාවකට බඹරුන් දෂ්ට කිරීමෙන් ඇය තුවාල ලබා රෝහලට ගෙන යාම සඳහා වතු පරිපාලනය විසින් ගිලන් රථය ලබා නොදීමයි.

වතු කම්කරුවන් කියා සිටින්නේ වතු පරිපාලනය විසින් නිසි පහසුකම් සහ සේවක ගෞරවය නොදෙන බවත්, මේ හේතුවෙන් කම්කරුවන් සහ පරිපාලනය අතර ගැටලු නිරන්තරයෙන් පවතින බවත්ය. කම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වතුයායේ පරිපාලනය වෙනස් කිරීමට කටයුතු කරන ලෙසයි.

වතු පරිපාලනය සඳහන් කර ඇත්තේ, හැටන් කම්කරු කාර්යාලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, ඒ අනුව ගැටලුව විසඳීමට කටයුතු කරන බවත් ය. කෙසේ වෙතත් වැඩවර්ජනය අඛණ්ඩව සිදු කිරීමට කම්කරුවන් තීරණය කර තිබේ.

බඹර ප්‍රහාර නිසා ආසන්න කාලයේ දී මරණ කිහිපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ තත්වයක් යටතේ මෙලෙස සේවයේ යෙදී සිටි කාන්තාවක් බඹර ප්‍රහාරයකට ලක්වූ පසු ගිලන් රථයක් ලබා නොදීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනතාව පවසති.

ආර්.එෆ්.එම්.සුහෙල්  – නුවරඑළිය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top