/ Nov 14, 2025

මිග් යානා ගණුදෙනුව: වසර 8ක් නීතිපති උසාවි ඇවිත් නැහැ

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව දේශපාලන පළිගැනීමක් බවත්, අදාළ නඩුවට වසර 8කට ආසන්න කාලයක් නීතිපති උපදෙස් අධිකරණයට නොලැබීම රාජ්‍ය බලය අවභාවිත කිරීමක් බවත් හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග පවසයි.

ඔහු සිය 80 වැනි නඩු දිනය යෙදී තිබූ අවස්ථාවේදී ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් මේ බව පවසා තිබුණි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 මාර්තු 26 දින ගොනු කරන ලද මෙම නඩුවේ තමන් පමණක් සැකකරුවකු ලෙස නම් කිරීම දේශපාලන තීන්දුවක් බවත් මිග් යානා ගණුදෙනුවට වගකිව යුතු නිලධාරීන් කිසිවකු සැකකරුවකු හෝ නොකිරීම දේශපාලන තීන්දුවක් වූ නමුත් ඊට නීතිපති සහ පොලිස්පති ඊට වගකිව යුතු බවයි ඔහු පවසන්නේ.

”මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මිග්යානා ගනුදෙනුව පිළිබද විමර්ශන නඩුව 2015 මාර්තු 26 දින ගොනුකර, එහි මා සැකකරුවකු ලෙස නම් කර ඇති අතර එම ගණුදෙනුවට වගකිව යුතු නිලධාරීන් කිසිවකු සැකකරුවකු හෝ නොකිරීම දේශපාලන තීන්දුවක් වූ නමුත් එදා නීතිපති, පොලිස්පති ඊට වගකිව යුතුයි. දැනට වසර 8 කට ආසන්න කාලයක් නීතිපති විසින් නඩුවට අදාල උපදෙස් අධිකරණයට ලබා නොදීම පමණක් නොව පසුගිය වසර 5 කට වැඩි කාලයක්‌ නීතිපති අධිකරණයට හෝ නොපැමිණිමෙන් ඔහුන් සිදූකරන්නේ අසාධාරණයක් පමණක් නොව දේශපාලන නායකත්වයේ අවශ්‍යතාවය මත රාජ්‍ය බලය අවභාවිතා කරමින් විරුද්ධ පාක්ෂිකයාගෙන් පලිගැනීම බව ශ්‍රීලාංකික ඔබට සටහන් කරමි.

අද මගේ 80 වැනි නඩු දිනයයි..

අදට ගෙවුණු කටුක දින 3,878 ක් පුරාවට මාගේ සියළු ගිණුම් අත්හිටුවමින් ශ්‍රී ලංකා රජය මෙතෙක් සිදුකල දේශපාලන පලිගැනීම් පරාජ කර, මා ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් සදහා නිත්‍යානුකූලව සාධාරණ විසදුමක් ලැබෙන දිනය ඉදිරියේදී උදාවන බව විශ්වාස කරමි.” ලෙස ඔහු සිය මුහුණු පොතෙහි සටහනක් තබා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top