හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැයි මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් චීනයෙන් ආනයනය කර රුපියල් කෝටි 13ක අලාභයක් සිදු කළැයි පැවරුණු නඩුවකට අදාළව මෙසේ හිටපු ඇමැතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර දොම්පේ ප්‍රාදේශීය සභා බල සීමාවේ සංවර්ධනය කර විකුණන ඉඩම් සඳහා නියමිත ක්‍රියාදාමයෙන් තොරව පිඹුරුපත් අනුමත කර දීම හේතුවෙන් රජයට රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක් පාඩු කළ බවට වන චෝදනාවකට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇප මත මුදාහැර තිබේ. 2020 වසරේ කරන ලද පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කරනු ලබයි.