/ Jun 09, 2025

මහා ව්‍යසනයක් වැළකූ මොරටුවේ වීරයාට ඇමති බිමල්ගෙන් ඇගයීමක්

පසුගිය 05 වැනිදා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවන්නට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කළ මොරටුව ප්‍රදේශයේ පදිංචි අනුර සමන්ත ප්‍රනාන්දු යන පුද්ගලයා රජය විසින් ඇගයීමට ලක් කර තිබේ.

ඒ, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ දීය.

පසුගිය 05 වැනිදා උදෑසන එගොඩ උයන දුම්රිය මර්ගය අසලින් ගමන් කළ අනුර සමන්ත ප්‍රනාන්දු මහතා දුම්රිය පීල්ලේ කැඩී ඇති තැනක් දැක ඇති අතර, එහි දී කඩිනමින් ක්‍රියාත්මක වූ ඔහු ඇඳුමක් වනමින් දුම්රිය එන පෙරමගට දිවගොස් තිබුණි.

අදාළ සංඥාව දුටු සාගරිකා කාර්යාල දුම්රියේ රියදුරු දුම්රිය නවතා ගෙන තිබූ අතර ඒ අනුව සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි විය.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් පසුගිය දා දුම්රිය දෙකක් ගැටී සිදුවන්නට ගිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු කළ පානදුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ රියදුරු ලෙස කටයුතු කළ විදුර විදර්ශන මහතා ඇගයීමට ලක් කිරීම ද මෙහි දී සිදු සිදුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top