වසර 6කට පෙර එල්ල කරන ලද පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ ඇති සම්බන්ධය දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
මෙම ප්‍රහාරය රජයට සම්බන්ධ යම් යම් ආයතනවල ඉහළම දායකත්වය ඇතිව සිදු කර ඇති බව පැහැදිලි වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේ ය.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු කණ්ඩායම පසුකාලීන රටේ පාලන බලය ද හෙබවූ බව කියන අමාත්‍යවරයා ප්‍රහාරයේ සාක්ෂි විනාශ කිරීමට සහ වසන් කිරීමටද ඔවුන් කටයුතු කළ බව කියා සිටියේ ය.
පසුගිය සති දෙක තුළ හෙළිදරව් වුණු සාක්ෂි අනුව පාස්කු අපරාධයේ බලගතු පුද්ගලයන් ඉදිරියේදී හෙළිදරව් කිරීමට හැකිවනු ඇති බව වැඩිදුරටත් කී අමාත්‍යවරයා එම සමහර පිරිස් දැන් බියට පත්ව ඇති බව පෙනෙන බවද කියා සිටියේ ය.