ඉන්ධන මිල තවදුරටත් අඩු කිරිමට කැමති නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් එය සිදුකළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
මෙවර රුපියල් 10.00කින් ඉන්ධන මිල පහළ දැමුවත්, මාලිමා ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් අනතුරුව කිහිප වරක් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“ඉන්ධන මිල අඩු කරන්න අපිත් කැමතියි. ඒත් ඒක මේවෙලාවේ කරන්න විදිහක් නෑ. මොකද අපි තාම ඉන්නේ IMF කොන්දේසිත් එක්ක. අපේ ආදායම සහ වියදම සොයා බැලීමක් කරන්න වෙනවා. රජයට අදායමක් තියෙන්න ඕන එක පාරම අඩු කරන්න අමාරුයි.
අපිට පුනර්ජනනීය බලශක්ති පැත්තට යන්න වෙනවා. ඒක හින්දා තමයි ඉන්දීය අගමැතිවරයා මෙහාට ආවාම පුනර්ජනනීය බළශක්තිය පැත්තෙන් තමයි ගිවිසුම්වලට යන්නේ. එහෙම ගිහින් තමයි අපිට විදුලි බිල අඩු කරන්න වෙන්නේ. ඉන්ධන එක්කත් අපිට ගැලපීමක් කරන්න තියෙනවා. ඒක IMF එකත් දන්නවා. අපිට එකපාරටම එතැනට යන්න බැහැ.
ඒත් ආණ්ඩුව ආවට පස්සේ අපි ගොඩක් ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. මේපාර රුපියල් 10කින් අඩු කළාට මීට ඉස්සෙල්ලාත් ආණ්ඩුව විවිද ප්‍රමාණවලින් මිල අඩු කරලා තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.