අද (01) සිට බිත්තර සඳහා 18%ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
බිත්තර සඳහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද, බිත්තර මිලේ කිසිඳු වැඩිවීමක් සිදු නොවන බවයි එම සංගමය සඳහන් කළේ.
බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරට බවත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන අතර බිත්තර අලෙවියෙන් ලබන ආදායම වැට් බද්දට යටත්වන බවත්, මේ හේතුවෙන් බිත්තර කර්මාන්තයේ කඩා වැටීමක් සිදුවනු ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි.