/ Jan 23, 2026

වනචාරී සටන තව ඇවිළෙයි : ලාල් දිගට සටනේ!

කෘෂිකර්ම, ඉඩම් හා පශු සම්පත් අමාත්‍ය ලාල්කාන්ත විසින් කරන ලද ප්‍රකාශයක් මේ වන විට රටේ ආන්දෝලනයක් ඇති කර තිබේ.

ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවේ අගමැතිනියට එරෙහිව නින්දිත ප්‍රචාර ගෙන යන අය අතර මිහින්තලේ හිමි වැනි වනචාරී තත්වයේ අයද සිටින බවයි. ඊයේ (12) දිනයේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දැක්වූ ජාතික සංඝ සම්මේලනය මහා සංඝරත්නයට නින්දිත හා පහත් ආකාරයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නේ නම් එහි අනිටු විපාක වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇති බව කියා සිටියේ ය.

දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මත ගැටුම් ඇති වූවද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහස සිදුකර නොමැති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

මත ගැටුම මෙසේ ඇදී යද්දී සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් ඇමැති ලාල්කාන්ත පවසන්නේ, තවත් වනචාරීන් දුටු බවයි. මෙම සටහන අද (13) උදෑසන ඇමැතිවරයා ගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණි.

ඒ අනුව පෙනී යන්නේ මෙම ගැටුම දිගින් දිගටම ඇදී යන්නක් විය හැකි බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top