බංග්ලාදේශයේ නව රජයේ දිවුරුම් දීමේ උත්සවය හෙට (17) දින පැවැත්වෙන අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වීමට නියමිතයි.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි අරමුණයි.
පසුගියදා නිමාවූ මහා මැතිවරණයෙන් තාරික් රහ්මාන් ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කළ අතර ඒ අනුව හිටපු අගමැතිනි කලීඩා ෂියාගේ පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති.
මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දියාව ඇතුළු කලාපීය රටවල නියෝජිතයන් පිරිසක් ද ඩකා නුවරට පැමිණීමට නියමිතයි.
පසුගිය 17 වසරක කාලය පුරා තාරීක් රෙහ්මාන් ජීවත් වූයේ ලන්ඩන් නුවරය. ඒ, ඇගේ මව සහ පවුලේ සාමාජිකයන් ෂෙයික් හසීනාගේ පාලනය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වුණු බැවිනි. ඔහු යළි පසුගිය දෙසැම්බරයේ බංග්ලාදේශය බලා පැමිණ තිබුණි.
2024 වසරේ සිසු අරගලෙයන් පසු බංග්ලාදේශයේ පාලනය අන්තර්වාර පාලක මණ්ඩලයකට හිමිවූ අතර පසුගිය (12) පැවැත්වූයේ සිසු අරගලයෙන් පසු පළමු මැතිවරණයයි.
ඒ අනුව මෙම මැතිවරණය බංග්ලාදේශයේ දේශපාලන ස්ථාවරත්වය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා තැබූ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.





