/ Jul 27, 2025

හයේෂිකාට දුන් පොලිස් ආරක්ෂාව ගැන ඇමති නලින්ද කට අරී

උපකාරක පංති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දුට පොලිස් ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් වරදක් සිදුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් සිදු කරන බවයි ඔහු එහි දී කියා සිටියේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය හෝ ආණ්ඩුව සිදු නොකරන මෙවැනි ක්‍රියා සමාජය අනුමත නොකළ යුතු බවත්, එවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top