/ Jun 25, 2025

ඇමැතිනී පෝල්රාජ්ට දැඩි විරෝධයක් : ඇගේ ප්‍රකාශය මෙන්න!

minister-paulraj-strongly-objects/

කොටහේනේ සිය දිවි නසාගත් පාසල් දැරිය සම්බන්ධ සිදුවීම ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක් විය. එහිදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් දැක්වූ අදහස් බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ. ජාතික ජනබලවේගය නියෝජනය කරන දේශපාලන ධාරාවෙන් මෙවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැකි බවට එම පක්ෂයට හිතවත් පිරිස් පවා සමාජ මාධ්‍යයේ අදහස් දක්වා ඇත.

පාර්ලිමේන්තුවේ ඇති වූ සංවාදය පහතින්,

මනෝ ගනේෂන් (පා.ම)
“අවුරුදු 15ක දරුවෙක් දූෂණය කරලා, ඒ ගුරුවරයාව අත්අඩංගුවට ගත්තත් නැවත ඇප මත නිදහස් කරලා තියනවා. පසුව දැරිය වෙන පාසලකට මාරු කරලා. සිද්ධියට මාස කිහිපයකට පස්සෙ ටියුෂන් ගුරුවරයෙක් මේ දරුවාට අපහාස කරලා තියනවා. ඒ නිසා ඇතිවුණ සිත්තැවුලෙන් තමා මේ දැරිය සිය දිවි නසාගත්තෙ.

අපහාස කරපු ටියුෂන් ගුරුවරයා ඔයගොල්ලන්ගෙ (ජාතික ජනබලවේගයේ) උතුරු කොළඹ සංවිධායකයෙක්. ඒ නිසා මේක යටගහන්න යනවද කියලා සැකයි.”

සරෝජිනී පෝල්රාජ් (කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය)
“මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවත් අරන් තියනවා. මම කිව්වා මේ ගැන ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි කරන්න කියලා. පෙත්සමක් අරගෙන දෙමව්පියන්ට ඇවිත් මාව හමුවෙන්න කිව්වත් ඒ අය තවම ආවෙ නැහැ. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරන්න බෑ.”

මනෝ ගනේෂන් (පා.ම)
“මම ඇමැතිතුමියගෙන් මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුණේ නෑ. මේ වගේ වෙලාවක එයාව ඇවිත් මුණගැහුණෙ නෑ කියලා විහිළු සපයන්න එපා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top