අසරණ ජනතාවගේ සෞඛ්‍ය සහ වෙනත් අවශ්‍යතාවන් වෙනුවෙන් සහන සැලසීමට පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙහි මුදල් මැති ඇමැතිවරුන් විසින් ප්‍රයෝජනයට ගෙන එහි මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් නැවත වරක් පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) තොරතුරු අනාවරණ විය.
2005දී ගම්පහ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා ගේ පුතකු වන හර්ෂණ සුපුන් රාජකරුණා විදෙස් ශිෂ්‍යත්වයක් වෙනුවෙන් ද,2006 දී කරුණාසේන කොඩිතුවක්කු විසින් අයි.එන්. කොඩිතුවක්කු වෙත ද වී. රාධක්‍රිෂ්ණන් විසින් කේ. රාධක්‍රිෂ්ණන් වෙත ද විදෙස් ශිෂ්‍යත්ව සඳහා මුදල් ලබා දී ඇතැයි ඇමැතිවරයා පැවසීය. දිනේෂ් දොඩංගොඩ වෙත ද කේ.කේ. පරණවිතාන යන අයට ද දේශපාලන සබඳතා මත විදෙස් ශිෂ්‍යත්ව සඳහා මුදල් ලබා දී ඇතැයි ඇමැතිවරයා පැවසීය.
මෙලෙස විදෙස් අධ්‍යාපනය වෙනුවෙන් 2005 දී හැත්තෑ තුන් මිලියන හාර ලක්ෂ තිසිපන්දහස් හාරසිය හයයි ශත 61ක්, 2006දී හැටපන් මිලියන දහනව දහස් අටසිය අනූ හතක්, 2007දී පුද්ගලයන් හතළිස්දෙදෙනකු සඳහා තිස්තුන් මිලියන තුන් ලක්ෂ හතළිස් හත්දහස් හත්සිය අසූතුනක් ද, 2008 දී පුද්ගලයන් 18 දෙනකු සඳහා එකොළොස් මිලියන පනස්පන් දහස් දෙසීය පනහක් ද, 2009දී පුද්ගලයන් 04 දෙනකු සඳහා තුන් මිලියන නව ලක්ෂ පනස් දෙදහස් නවසිය හයක් ද, 2010දී පුද්ගලයන් 03දෙනකු සඳහා තුන් මිලියන හාරලක්ෂයක් ද, 2011දී පුද්ගලයන් දෙනෙකුට එක් මිලියන හය ලක්ෂයක් ද, 2012දී පුද්ගලයන් දෙදෙනකුට තුන් මිලියන දෙලක්ෂ තිස්දහස් දෙසීය තිස් අටක් ද, 2014 දී එක් පුද්ගලයකුට ලක්ෂ 07ක් ද, ලබාදී ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ ආකාරයට ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපනය සඳහා මුදල් ලබා ගත් දීර්ඝ ලේඛනයක් ඇතැයි කී ඔහු එලෙස විදෙස් අධ්‍යාපනය මගින් ආචාර්ය උපාධිය අවසන් කර මෙරටට පැමිණි අය පිළිබඳ තොරතුරු නැතැයි ද කීය. එලෙස නැවත පැමිණ නැති පුද්ගලයන් සම්බන්ධයෙන් රජය කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයි ද පැවසීය.
ඔවුන් වෙනුවෙන් රජය විසින් වැය කළ මුදල් නැවත අයකර ගැනීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම මුදල් ලබා ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී විමර්ශනයක් කර ඔවුන් මෙරටට පැමිණ ඇත්දැයි සොයා බලන බව ද ඇමැතිවරයා ප්‍රකාශකර සිටියේය.