ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වනවිට උපරිම ජල ධාරිතාවය දක්වා ළඟා වෙමින් පවතින අතර මේ වනවිට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙනඇතැයි සඳහන්.
මෙම තත්ත්වය විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, නවිතන්වේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බවත් දක්වා ඇති අතර ඊයේ (25) දිනයේ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 225ක් අම්පාරින් වාර්තා වී තිබේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් මේවනවිට දිවයිනේ ප්‍රධාන වැව් 25ක් සහ මධ්‍ය ප්‍රමාණයේ වැව් 26ක් වාන් දමමින් පවතින අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංගා ද්‍රෝණි තුනක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මේ වනවිට සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර නොමැති වුවත් සෙසු ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම් ජලයෙන් යටවී ඇති බව සඳහන්.
සෝමාවතිය හා මනම්පිටිය යන ප්‍රදේශයන් අද සවස් වනවිට ජලයෙන් යටවීමේ අවධානමක් පවතියි.





