72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) ඉන්දියාවේ, හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ලොව විවිධ රටවල් නියෝජනය කරමින් 100කට අධික රූ රාජිනියන් ‘2025 ලෝක රූ රැජින’ තරගය සඳහා ඉදිරිපත් වී තිබුණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘2025 ලෝක රූ රැජින’ තරගයට ඉදිරිපත් වී තිබුණේ අනුදි ගුණසේකර වන අතර ඇය තරගාවලිය පුරාම සිය දක්ෂතාවය පිළිඹිඹු කරමින් මෙරටට ඓතිකාසික ජයග්‍රහණ රැසක් දිනා දුන්නා ය.
මේ අතර අද දිනයේ 72 වන ලෝක රූ රැජින උළෙලේ අවසන් මහා තරගයට එක්ව සිටින අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබ පැතුම් එක් කර තිබේ.
ඒ, සිය X ගිණුමේ සටහනක් තබමිනි.
ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බව ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.
අද දින ඇයගේ සාර්ථකත්වයට සුභ පැතුම් එක් කරන බවද ජනාධිපතිවරයා සිය X සටහන මගින් වැඩිදුරටත් පවසා ඇත.
එම සටහන පහතින්,
