2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් මීට සුළු මොහොතකට පෙර දිනාගනු ලැබීය.
මෙවර 72 වැනි වරට ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ තෙළඟනාහිදීය. මෙම තරගාවලිය පසුගිය මැයි 7 වැනිදා ආරම්භ විය.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටි අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.
එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර හට මෙම තරගාවලියේදී අවසන් 40 අතරට එක් වීමට වරම් අහිමි විය.








