/ Jan 29, 2026

අතුරුදහන්ව සිටි හිටපු ජනාධිපති ලේකම් රිමාන්ඩ්!

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක එළඹෙන පෙබරවාරි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි පොදු දේපල අවභාවිතා කිරීමේ අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස ඔහු අද අධිකරණයට ඉදිරිපත් විය.

හිටපු ජනාධිපති ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අරඹා තිබුණු නමුත් ඔහු සිය නිවසේ නොසිටීමත්, දුරකථන ක්‍රියාවිරහිත වී තිබීමත් මත අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නොතිබුණි.

කෙසේවෙතත් අද දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් ඔහු අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top