පොදු දේපල අවභාවිතා කිරීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිත අතර මීට සුළු මොහොතකට පෙර වික්‍රමසිංහ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද සමඟ අධිකරණය වෙත පැමිණියේය.
මේ අතර හිටපු ජනාධිපතිවරයාට සහය පළකරමින් පාක්ෂිකයින්ද අධිකරණ පරිශ්‍රය අසල රැඳී සිටියි.
මේ අතර සාගල රත්නයක, රවී කරුණානායක, නිමල් සිරිපාලද සිල්වා, මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු දේශපාලකයින් කිහිප දෙනෙක්ද අධිකරණය වෙත පැමිණියහ.
සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා රුපියල් ලක්ෂ 169 ක මහජන මුදල් ප්‍රමාණයක් අවභාවිතා කිරීම යන චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය අගෝස්තු 22 වන දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අතර අනතුරුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.
කෙසේවෙතත් මේ වන විට හිටපු ජනාධිපතිවරයා ඇප මත නිදහස්ව සිටියි.







