/ Jul 25, 2025

කොත්තු කඩවලින් කෝටිපතියෝ වෙන අමුතු සෙල්ලම ගැන කියයි

කොත්තු රොටී වෙළඳාම සහ වඩේ අලෙවි කිරීම වැනි සුළු පරිමාණ ව්‍යාපාරවල මුවාවෙන් මුදල් විශුද්ධිකරණයේ යෙදෙමින් කෝටිපතියන් බවට පත්වීමේ ක්‍රමවේදය වහාම නැවැත්විය යුතු බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය රුවන් රණසිංහ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ට කිසිද ළඟා විය නොහැකි මට්ටමකට ඉතා කෙටි කලකින් මෙම ව්‍යාපාරිකයන් ළඟා වෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා,මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලොව රටවල් 164ක් ඇසුරෙන් සැකසූ දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 80 වන ස්ථානයේ පසුවන බවත් එම දර්ශකයේ ලකුණු 5.28ක ඉහළ අවදානම් අගයක් ශ්‍රී ලංකාවට හිමිවී තිබීම බරපතල තත්ත්වයක් බවත් අවධාරණය කළේය.

විවිධ නීති විරෝධී ක්‍රියා, අපරාධ සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හරහා උපයන ලද මුදල් මෙවැනි ව්‍යාපාරවල ආයෝජනය කර නීත්‍යානුකූල මුදල් ලෙස සමාජගත කිරීමේ ක්‍රියාවලිය වැළැක්වීම සඳහා රජයක් ලෙස සමාගම් පනතට නව සංශෝධන හඳුන්වා දීමට පියවර ගත් බව ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top