/ Feb 13, 2026

වාහන සිහිනයට නැවතත් බාල්දියක්?

එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන සඳහා 2.5% බද්දක් හඳුන්වාදී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ සඳහන් කරන්නේ එය 2026 අයවැයෙන් අනුමත වූ බද්දක් වන අතර එය දැනට නිෂ්කාශනය වන වාහන සඳහා බලනොපාන බවයි.

මේ අතර එම බදු අයකිරීම රේගුවේදීම සිදුකිරීමට නියමිතය.

“වාහනයක වටිනාකම වැඩි නිසා 2.5%ක් කියන්නේ ටිකක් දැනෙන බද්දක් කියල තමයි අපිට හිතෙන්නේ. සරලව ගත්තොත් ලක්ෂ 100ක් වටිනා වාහනයක මිල ලක්ෂ දෙක හමාරකින් විතර වැඩිවෙනවා. ඒ නිසා බද්දක් එකතු වූ නිසා වාහන මිලේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. මේ වෙද්දී ජපානය ගත්තොත් ඉන්ටර්නැෂනල් මාර්කට් කිහිපයක්ම ඕපන් වුණා. ඒ හේතුවෙන් ඔක්ෂන් ප්‍රයිස් එකත් ටිකක් වැඩිවෙලා තියෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව ඒ දෙක තුනෙන්ම බලපෑමක් ඇති වෙන්න පුළුවන්” යනුවෙන් ඔහු සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top