ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (20) රාත්‍රී කාලයේ දී ගල්කිස්ස, ඕඩියන් ප්‍රදේශයේ දී අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 33 ක් වූ ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අදාළ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශන සිදුකරමින් පවතී.