/ Dec 29, 2025

මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිදුවීමට වැඩ තහනම් වූ කොස්තාපල් මානව හිමිකම් යයි

ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ සිදුවීමක් ඇති කරගෙන වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ තමාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන්නැයි ඉල්ලමිනි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ මාමන්ඩියට අයත් බවට ප්‍රචාර පැතිර ගිය ඉඩමක ගංජා පැළ දෙකක් තිබී හමුවී තිබුණේ පොලිසිය පසුගියදා සිදුකළ වැටලීමකදීය.

පසුව ඊට සම්බන්ධ වූ , සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයකු අදාළ මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව පවසමින් දෙසැම්බර් 20වැනිදා රෝහල්ගතව තිබුණි. මේ සිද්ධිය ගැන විමර්ශනයක් සිදු කළ පොලිසිය සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් ඉදිරිපත් කර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පසුව වැඩතහනමට ලක් වූ කොස්තාපලවරයා මෙලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත්තේ තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස කියමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top