/ Aug 05, 2025

මන්ත්‍රී රක්ෂණයේ සැර බාල කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබු අතර 2025.10.09 වන දිනෙන් ආරම්භ  වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර ඇත.

මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top