ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය තීරණය අද (10) කනායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එහිදී කථානායකවරයා සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභාංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් හටගත්තේ, විපක්ෂ නායකවරයා අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ඉල්ලූ පසුවයි. එහිදී කතානායකවරයා පවසා සිටියේ, මෙය විවාදයක් නොවන ඒ සඳහා අවස්ථාව නොමැති බවයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට පසුගිය අගෝස්තු මස 12 වන දින භාර දී තිබුණි.