මේ වන විට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මාසිකව මුදල් එකතු කළ මන්ත්‍රීවරු ගැන හෙළිදරව් වෙමින් යන බව ජනපති අනුර කුමාර දිසානායක පවසයි.
බදු මුදල් එකතු කරන්නා සේ අපරාධකරුවන්ගේ නිවෙස්වලට ගොස් මෙම මන්ත්‍රීවරු මුදල් ලබාගෙන ඇති බවයි ජනපතිවරයා පවසන්නේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස වැඩ ඇරඹීමේ උත්සවයට සහභාගි වෙමින් ජනපතිවරයා කියා සිටියේ, මතු පිටින් තිබෙන රාජ්‍යයට සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කර ඇති බවයි.
රටේ නීත්‍යානුකූල හමුදාව විසින් ඔවුන්ට අවි ආයුද ලබා දී ඇති බවද කී ජනපතිවරයා,
දැනට අපි අත්අඩංගුවට ගෙන සිටින පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයවා තිබෙනවා. සන්නද්ධ අපරාධ කල්ලි 75%කට ආසන්න ප්‍රමාණයක් සමඟ සම්බන්ධතා තිබෙනවා. අපේ රටේ දේශපාලන අධිකාරීන්ට විවිධ ආකාරයෙන් මුදල් පොම්ප කර තිබෙනවා. මේ සන්නද්ධ අපරාධ කල්ලි මැඬ පැවැත්වීම වෙනුවෙන් අපි කටයුතු කරනවා.
යනුවෙන් පැවසීය.