/ Oct 18, 2025

මුද්දරස්පලම් තිත්ත වෙයි:මාධවීට එන්තරවාසි

තම ෆේස්බුක් ගිණුම හරහා මාධවී වත්සලා ඇන්තනී විසින් සිදුකල පලකිරීමකින් තමා හට සිදුවුු අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලා සංජය බණ්ඩාර යන අය විසින් ඔහුගේ නීතිඥවරුන් හරහා එන්තරවාසි යවා තිබේ.

තමා අමානුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු ලෙස සඳහන් කරමින් සංජයගේ ෆේස්බුක් ගිණුම report ලෙස දන්වමින් මාධවී වත්සලා ඇන්තනී විසින් ඉකුත් 06 වෙනිදා තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා ඇත.

මෙලෙස සිදුකර ඇති පදනම් විරහිත , අසත්‍ය හා නොමග යවනසුළු ප්‍රකාශය හේතුකොටගෙන සංජය බණ්ඩාර සහ ඔහුගේ පවුලේ අය දැඩි මානසික පීඩාව සහ කම්පනයකට මුහුණ දුන් බවත් , ඔහුගේ කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රු මිලියන 100 ක මුදලක් දින 7 ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙසද, එසේ නොකලහොත් නඩු පවරා එකී මුදල නඩු ගාස්තුද සහිතව අයකරගැනීමට කටයුතු කරන බවත් එයින් දන්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top