ඊයේ (18) දහවල් මතුගම, දොලහේන ප්‍රදේශයේ තිබී ගෙල කපා ඝාතනය කරන ලද කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ මර්වින් සමරනායක මාවත, අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක් වූ කාන්තාවක් බව පොලීසිය පවසයි.
මතුගම පොලිසියට ලද පැමිණිල්ලක් මත මෙහි විමර්ශන කටයුතු ආරම්භ වී ඇති අතර එම කාන්තාවගේ මෘත ශරීරය පරීක්ෂා කිරීමේ දී ශරීරයේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට ද ලැබී ඇත.
ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ සකකරු මේ වන විට හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.