/ Dec 29, 2025

රෝගීන් ඝාතනය:ප්‍රංශයේ නිර්වින්දන වෛද්‍යවරයකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

ප්‍රංශයේ ඉහළම නිර්වින්දන වෛද්‍යවරයෙකුට එරට අධිකරණය මඟින් අද (18) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය.

ඔහුට එල්ල වී තිබුණු චෝදනාව වූයේ දශකයකට ආසන්න කාලයක් පුරා ප්‍රංශයේ ඉහලම නිර්වින්දන වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරමින් හිතාමතාම රෝගීන් අවුරුදු හතරේ සිට 89 දක්වා 30 දෙනෙකුට වස දී 12 දෙනෙකු ඝාතනය කිරීමය.

ඔහු ඊට අධිකරණ ක්‍රියාවලිය තුළ වරදකරු වී තිබේ.

53 හැවිරිදි වෛද්‍ය ෆ්‍රෙඩ්රික් පෙචියර් මෙලෙස ප්‍රංශ නීති පද්ධතියේ ඉතිහාසයේ විශාලතම අපරාධකරුවන්ගෙන් කෙනෙකු බවට නම් කර ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

ඔහු නැගෙනහිර ප්‍රංශයේ බෙසන්කොන් හි පෞද්ගලික සායනවල සේවය කරන අතරතුර මෙලෙස රෝගීන්ට වස ලබා දීමට කටයුතු කර ඇති බව සඳහන්.

මෙම වෛද්‍යවරයා අතිශයින්ම විකෘති වූ අනුක්‍රමික ඝාතකයෙකු බවත්, වෛද්‍යවරයෙක් නොව මරා දැමීමට ඖෂධ භාවිතා කළ අපරාධකරුවෙකු බවත් දඬුවම් නියම කිරීමෙන් අනතුරුව රජයේ නීතිපති ක්‍රිස්ටීන් ඩි කුරේස් හා රජයේ නීතිපතිවරියක් වන තෙරේස් බෲනිසෝ පවසා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top