විවිධ රටවල මැතිවරණවලට බලපෑම් කිරීම සඳහා USAID අරමුදල් භාවිතා කර ඇති බව ලෝක ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් පැවසුවේ ය.
තම කුඩා පුතු සමඟින් ධවල මන්දිරයේ ඕවල් කාමරයේ සිට මාධ්‍ය ඇමැතීමට අවස්ථාවක් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ළඟම හිතවතෙක් ලෙස සැලකෙන මස්ක්ට ඊයේ (11) හිමි විය.
“එමගින් (USAID) වටිනා ව්‍යාපෘති කරලා තියෙනවා. ඒත් සමස්තයක් විදිහට ගත්තම තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. USAID බොහෝ විට කරලා තියෙන්නේ විවිධ රටවල මැතිවරණවලට බලපෑම් කිරීමයි. මං හිතන ආකාරයට එහි කටයුතු සැක සහිතයි වගේම රහසිගතයි.”
මස්ක් වැඩිදුරටත් කියා සිටියා. USAID අරමුදල් ලැබුණු පුද්ගලයන් සහ ආයතන ගැන අපේ රටේද මේ වන විට විශාල වශයෙන් සංවාද ඇරඹී තිබේ.