පසුගිය 16 දා ත්‍රිකුණාමලය විහාරස්ථානයක ආසන්න වෙරළබඩ ඉඩමක හදිසියේ තැන්පත් කළ බුදු පිළිමයක් පොලිසිය විසින් ඉවත් කිරීම නිසා මතු වූ තත්වය රටේ ම ආන්දෝලනයකට ලක්ව තිබේ.
ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් එම සිදුවීම සිදුවී පැය 24ක් ගතවීමටත් පෙර ෆේස්බුක් සමාජ ජාලයේ සටහනක් සමගින් ඡායාරූප කිහිපයක් පළ කරමින් පවසා තිබුණේ, උක්ත සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අම්පිටියේ සීලවංසතිස්ස හිමි, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට වැඩම කළ බවයි.
මෙම ෆේස්බුක් සටහන විවේචනය කරමින් විශාල වශයෙන් අදහස් දක්වා දැඩි දෝෂාරෝපණ මන්ත්‍රීවරයා වෙත එල්ල කර තිබේ. ප්‍රතිචාර 2300කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති අතර ඒවායේ පොදු විවේචනය ලෙස සඳහන් කර ඇත්තේ, ජාතිවාදය උපයෝගී කරගනිමින් බලය ලබා ගැනීමට කරන වෑයම නවතා දමන ලෙසයි.
ප්‍රතිචාර කිහිපයක් සහ අදාළ සටහනේ සබැඳිය පහතින්,






සබැඳිය – https://web.facebook.com/share/p/17MkB1vBg2/





