/ Feb 19, 2026

සමාගම නෑ කිව්වත් නාමල්ට ගෑස් හිඟයක්!

පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

මෙයට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපයේ ඇති ගෑස් පර්‍යන්තයෙන් ගෑස් නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියාසිටියේය.

පසුගිය අප රජය විසින් නිසිවේලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවද නාමල්‍ රාජපක්ෂ අවධාරණය කළේය.

හම්බන්තොට ඇති ගෑස් පර්‍යන්තයෙන් සිදු කරන්නේ ගෑස් ප්‍රතිඅපනයනය කිරීම වුවත් මේ අවස්ථාවේ එම ප්‍රතිපත්තිය වෙනස් කර දේශීය වෙළෙඳ පොළට ගෑස් නිකුත් කරන ලෙස නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අනාගතයේ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත්ය.

ලිට්‍රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීමක් සහ 2026 පෙබරවාරි 14 වන දින, දින දෙකක ගෑස් සැපයුමට බාධා වීම හේතුවෙන් තාවකාලික සැපයුම් සීමාව ඇති වූ නමුත් මේ වන විට සාමාන්‍ය බෙදාහැරීම යථාතත්ත්වයට පත් කිරීමට ක්ෂණික පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top