පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (8) දින ඉන්දියාවේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. ඒ මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන Rising Bharat සමුළුවට සහභාගි වීමට එහි ගිය අවස්ථාවේදී ය.
මන්ත්‍රීවරයා X හි අගමැති මෝදි සමඟ සිටින ඡායාරූපයක් පළ කරමින් පවසන්නේ, ඉන්දීය අගමැතිවරයා හමුවීම සතුටට කරුණක් බවත්, ඉන්දියාව ඔහුගේ ස්ථාවර නායකත්වය යටතේ නූතන ලොව ඉහළට ළඟා වී ඇති බවත් ය. එසේ ම එහි ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා සිහිපත් කර තිබේ.
Rising Bharat සමුළුව කලාපයේ ප්‍රමුඛ දේශපාලන සහ ව්‍යාපාරික නායකයන් එක් කරමින් පැවැත්වෙන්නකි.